මෛත්‍රී-මහින්ද නව සන්ධානයකින් නව ගමනකට සැරසෙයි
- RSL
- December 11, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- President Maithripala Sirisena, Prime Minister Mahinda Rajapaksa, SLFP, SLPP
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දැනට අධිකරණය මඟින් රාජකාරී අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානයක් ලෙස ඉදිරිපත්විම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් පත් කළ කමිටුව යළි රැස්වී යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.
නායකයින් දෙපළ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර ඊයේ(10) පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා වෙත අද බාර දී ඇති සිංගප්පූරු ගිවිසුම පිළිබඳ සමාලෝචන වාර්තාව සම්බන්ධයෙන් ද මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කළ බවයි.

