මහින්ද-මෛත්‍රී දීගයට, කපුකම එස්. බී ගෙන්
- RSL
- January 18, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, Maithripala Sirisena, news, reports
- 0 Comments
එස්.බී දිසානායක යනු මෙරට දේශපාලනයේ ප්‍රකටත ම ඩීල්කරු ලෙස හැඳින්විය හැකි ය. දැන් ආරංචි පැතිර යන හැටියට නුදුරේ එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෛත්‍රීට මහින්දව පූට්ටු කිරීමට ඔහු කැසකවමින් සිටී. මහින්ද රාජපක්ෂ – මෛත්‍රීපාල සිරිසේන සංයෝගය විසින් යහපාලනයට හිතැති ජනයා මෛත්‍රීපාල සිරිසේන වෙතින් වියෝග කරනු ඇති බවට සැකයක් නැත. මන්දයත්, මේ සංයෝගය ඔස්සේ ඉතිහාසයේ සිදු වූ පරිදිම පෙර රජය විසින් කරන ලද සකළවිධ වැරදිවලට අප්‍රකාශිත සමාව ලැබෙනු ඇත.
“දේශපාලනයේ දී සම්මුති යනුවෙන් අදහස් කෙරෙන්නේ ඉල්ලීම් සමහරක් අත්හැර දැමීම යි.” යනුවෙන් සෝවියට් නායක ලෙනින් කියා ඇති පරිදි ම ජනපතිවරයාගේ පාර්ශ්වයට මේ සම්මුතිය වෙනුවෙන් බොහෝ ඉල්ලීම් අතහැර දමන්නට සිදු වනු ඇති. ඒ ඉල්ලීම් නම් යහපාලන ජනතා පොරොන්දු ය. ප්‍රකෝටි ගණන් ජනතා මුදල් ගසා කෑවුන්ට දඬුවම් ය. රජමතේ හිසට ගසා මැරා දැමූ මිනිසුන්ට සාධාරණය ය. කොටින් ම යහපාලනය ය. මහින්ද රාජපක්ෂට සිය පක්ෂය කඩාගෙන ගොස් ත්‍රිවීල් පක්ෂ සමඟ එක්ව මැතිවරණයට මුහුණ දී අභාවයට යාමට ඉඩ දෙනවා වෙනුවට මේ ගන්නට යන ක්‍රියාමාර්ගය වනාහී ජනතා කැමැත්තට පිටුපෑමකි. ද්‍රෝහි වීමකි.