ගෝඨාභයද කියා දැම්ම කියන්න බැහැ; ජනපති මෛත‍්‍රී සමග සාකච්ඡා නොකර තීරණගන්න බැහැ – මහින්ද (වීඩියෝ)
- RSL
- April 8, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa, Mahinda Rajapaksa, President Maithripala Sirisena
- 0 Comments
ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට මෙතෙක් තීරණය කර නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සි්‍යලු දෙනා එක් වී සාකච්ඡා කිරීමෙන් පසුව යයිද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් තම පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ දිනන අපේක්‍ෂකයා බවද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

