ආණ්ඩුවේ අස්ථාවරත්වයෙන් රටම අරාජික වෙලා – කු.පා.ම.මහින්ද
- RSL
- February 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa
- 0 Comments
අද වන විට ආණ්ඩුවක් රට තුළ නොමැති බවත් රට අස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද(21) බත්තරමුල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේය.
ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, ජාතික ආණ්ඩුවේ කාලය පැහැදිලි ලෙසම නිමා වී ඇති බවත් ඒ අනුව පියවර ගත යුතු බවයි.
ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මන්ත්‍රීවරු හිතු මනාපෙට කටයුතු කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කථානායකවරයා ජාතික ආණ්ඩුවේ කාලය අවසන් වීම සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගත යුතු බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේය.

