මෛත්‍රීගේ 2020 පුනරාගමනයත් සමඟ මහින්ද සලිත වෙයි

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020දී විශ්‍රාම නොයන බව මඩකළපුවේදී ප්‍රකාශ කළ බවත්, එතුමා එසේ ප්‍රකාශ නොකර ආණ්ඩුවේ මේ මොහොතේ සිටින පිරිස හෝ රැක ගැනීමට හැකියාවක් නැතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැළියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘‘මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි පළමු වැනිදා සමරන්න තිබුණු ලෝක කම්කරු දිනය මැයි 07 වැනිදාට කල් දාපු එක. ඒ වගේම කියන්න ඕනි සුද්දගේ කාලේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා තමයි වැඩිම බදු ගහපු කෙනා. ඊට පස්සේ මේ වත්මන් ආණ්ඩුව තමයි වැඩිම බදු ගහපු ආණ්ඩුවක් විදියට හඳුන්වන්න පුළුවන්.

ඉතිහාසයේ වැඩිම පිරිසක් ආපු මැයි දින රැළිය මේක. ගිය ගමන රැළියෙන් අපි ආණ්ඩුව දණ ගැස්සුවා. මේ ගමන අපි ආණ්ඩුව බඩගාවන යුගයක් අද ඉදන් පටන් ගන්නවා.පොහොට්ටුව මැතිවරණයේදීත් එජාප, ජාවිපෙ, ශ්‍රීලනිප එක ගොඩකට දාලා පහර දුන්නා. ඒක ජනතාවගේ තීන්දුව.

අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. ඒක කරන්න ඕනි ආණ්ඩුවේ දැන් ඉන්න ටික හරි රැක ගන්න.මේ ආණ්ඩුව තීන්දු ගන්න බයයි. මේ ආණ්ඩුව දන්නේ අපෙන් පලි ගන්න. අපිව හිරේ යවන්න. ඒ වගේ තීන්දු ගන්න මේ අය බය නෑ.වෙසක් බක් මාසෙට ගෙන්න බය නෑ.ජාත්‍යන්තර නිවාඩු දිනය 7ට ගෙන්න බය නෑ.මේ ආණ්ඩුව ජනතාව පාවා දුන්නා. බාල්දු කළා කම්කරු දිනය.මේක අපහාසයක් වැඩ කරන ජනයාට කරපු.

ලොකයක් එකට සමරන මැයි දිනය අද රනිල් සිරිසේනගේ වෙනසට අහුවෙලා.අද මේක ලෝකෙට විකෘතියක්.මේ ආණ්ඩුව විද්‍යාත්මක ක්‍රමයට සංශෝධන සිදු කරනවා.අපරාදේ කියන්න බෑ. පටන් ගත්තේ ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශයට දීලා.මුදල් ඇමතිගෙන් මහ බැංකුව ගලෝලා අගමැති යටතට ගත්තා.මහ බැංකුව මංකොල්ල කෑවේ මහ දවාලේ. ඒ විද්‍යාත්මක ක්‍රමය යටතේ.

කම්කරු ජනයාගේ සල්ලි ඊටීප් බිලියන 1100ක් එකතු වෙලා තිබුණා.බැඳුම්කර වංචාව නිසා මේ මුදල් අව භාවිතා කරන්න ලැජ්ජා නෑ මේ ආණ්ඩුවට. මේක තමයි විද්‍යාත්මක කැබිනට් එක.ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී අල්ලස් ගනිද්දී මාට්ටු වුණා. ඒ වගේම රනිල්-සිරිසේන ආණ්ඩුව ආර්ථික ප්‍රතිපත්ති හදන්නෙත් මේ වගේ තමයි.

මත්තල වී ගබඩා කළා.අපේ කාලේ වී මත්තලටත් ගිහින් දැම්මා. ඒ තරම් අස්වැන්න තිබුණා. දැන් හාල් නැව එනකල් බලන් ඉන්න වෙලා. පොහොර සහනාධාර කැපුවා. ගොවියා පාරට බැස්සුවා.පාසල් නිල ඇඳුම වෙනුවට පාසල් ළමුන්ගේ ඇඳුමක් කොට කළා. වව්චරය මදි දරුවන්ගේ නිල ඇඳුම් ගන්න. ගොවියාගෙන් විතරක් නෙමෙයි දරුවාගෙනුත් පළි ගත්තා.මට දැන් හිතෙනවා හම්බන්තොට වරයා හැඳුවේ ඇයි කියලා.

යකඩ විකුණන් ඔහොම කොමිස් ගැහුවානම් වරායට කොහොම ගහන්න ඇත්ද කියලා දැන් තේරෙනවා නේද?වරයා හදපු දවසේ මම ආඩම්බර වුණා. රනිල් ඊට වඩා ආඩම්බර වුණා ඒක විකුණපු දවසේ. ඊට පස්සේ ඊට වඩා සතුටක් තිබුණා සල්ලි ලැබුණ දවසේ. දැන් ඉතුරු කොටහා එනකල් බලන් ඉන්නවා.මේ තත්ත්වය ගැන ජනතාව හිතන්න ඕනි.

දුප්පත් මිනිහාගේ බඩට පහර දෙනවා.රුපියල පහල වැටෙනවා. බඩු මිල වැඩි වෙනවා. අයි එම් එෆ් කියලා තියේ ඩොලරය 200 දක්වා වැඩි කරන්න කියලා.අවුරුදු 18 දරුවාගේ ඉදන් බදු ගහන්න ෆයිල් හදනවා. බලු බද්ද විතරයි ගැහැවේ නැත්තේ. ටොරින්ටන් ආණ්ඩුකාරයා ඒ කාලේ ඇඟ බද්ද, බලු බද්ද වගේ බදු ගැහැවා. ටොරින්ටන් කරපු වැඩේම කරයි මේ ආණ්ඩුවත්. මොකද රනිල් ඉන්නෙත් ටොරින්ටන්වලනේ.

පෙට්ටි කඩේටත් අද බදු ගහනවා. මේක තමයි මේ ආණ්ඩුවේ තත්ත්වය. හාමුදුරුවෝ හිරේ දානවා.දැන් ඉන්න මහ ලේකම් පිං පෙට්ටියටත් සීල් තිබ්බා.මේ ආණ්ඩුව පන්සල්, ධීවරයින් හැමෝගෙන්ම බදු ගන්නවා.නොරොච්චෝලේ නැත්නම් කලුවරේ ඉන්න වෙන්නේ. සමෘද්ධි බැංකුවටත් ගහලා.මහ බැංකුවට කෙලපු අය මේ බැංකුවටත් කෙලිනවා.අහන්න දෙයක් නෑ.

හැමතැනම නියඟය දහස් ගණන් ගොවියෝ අසරණ වෙලා.දුප්පත්කම වැඩිවෙලා.මේ තත්ත්වය වෙනස් කරන්න ඕනි. නැවත පොහොර ටික දෙන්න ඕනි. මේ බදු ක්‍රමය වෙනස් කරන්න ඕනි. අවශ්‍ය පියවර ගන්න ඕනි. නැවත ඒ අයිතිය දෙන්න කටයුතු කරනවා අපි.ව්‍යාපාරිකයා බංකොලොත් වෙලා. මධ්‍යම පන්තිකයින් නෑ. එයාලත් පාරට වැටිලා.තෙල් නැව එනකල් ජනතාව සති ගනන් බලා හිටියා.තෙල් පෝලිමේ ඉදිද්දී දවසක් මම යද්දී මිනිස්සු කියනවා “ අඩෝ රනිල් අපිට තෙල් ටික දීපිය යකෝ “ කියලා. මම වීදුරුව ඇරලා කිව්වා මම රනිල් නෙමේ කියලා. සොරි සර් කිව්වා “

පොහොර ටික වෙලාවට ගෙන්න බෑ. සල්ලි දීලා ගන්නත් පෝර නෑ.මිනිස්සුන්ගේ දෛනික අවශ්‍යතාවත් මේ ආණ්ඩුවට කරන්න බෑ.ඩෙංගු රෝගීන් ඇද උඩ, ඇද යට හිටියා. ඩෙංගු රෝගීන් විශාල වශයෙන් මිය ගියා.ලෙඩ්ඩු රෝහල්වලට එන එක නවත්තපු ආණ්ඩුව මේක.ආණ්ඩුව බැලුවද මේ ගැන.

අද බන්ධනාගර බස් එකට වෙඩි තියෙන යුගයක්.පාතාලේ මඟුල් කන්නේ පොලිස් ආරක්ෂාව යටතේ.නීතිය නමලා පාතාලෙට ආරක්ෂාව දෙනවා.මාස ගණන් විශ්වවිද්‍යාල වර්ජනයේ.ගහ ගත්තොත් හදිසි නීතිය ඇදිරිනීතිය.බේරුවල ගැන කතා කරපු අය නුවර ගිංතොට ගැන කතා කරන්නේ නෑ. මේ ආණ්ඩුවේ බැරිකම තමයි නිදහස කියන්නේ. පණ නැතුව වැනෙමින් රටක් ස්ථාවර කරන්න පුළුවන්ද?

එක ආයෝජනයෙක් එන්නේ නෑ.රට අස්ථාවර නිසා. මේ ආණ්ඩුව ඉවරදාට අපි එනවා කියනවා.අරනායක කන්ද නාය ගියා.ඒ යටවෙන පවුල්වලට වන්දි දුන්නද. සාලාවේ බෝම්බ පිපිරෙව්වා. වන්දි නෑ.අද ගංවතුරට කොළඹ යටවෙනවා.පහු ගිය ගංවතුර වෙලේ මිනිස්සුන්ට මාධ්‍ය ආයතන තමයි කන්න දුන්නේ. අපේ නායකයෝ තමයි උදව් කළේ.

මළ බත් කන යුගයක් ඇති කළා. කුණු කන්ද එහෙමමයි. මිනිස්සු ජීවත් වෙන්න විදිහක් නෑ. ග්‍රාම සේවක වසමක් පාලනය කරන්න බෑ මේ ආණ්ඩුවට රටක් තියා. දැන් කිරිපිටි උස්සලා. ගෑස් ගණන්. හැබැයි අඩුවක් නැතුව මදි නොකියන්න කඳුළු ගෑස් ගෙන්නලා තියෙනවා. කාන්තාවන්ට පහරදෙනවා. ඒ වුණාට කාන්තා අයිතිවාසිකම් ගැන කතාව.

සමෘද්ධි කපන්න ලෑස්ති. සෞඛ්‍ය – අධ්‍යාපනය කපන්න ලෑස්ති. පිටරට කොම්පැනියකට බාර දීලා තියේ වාර්තාවක් හදන්න.අහස- පොලව -මුහුද ඔක්කොම දීලා බෙදලා තියෙනවා.මේවා ගැන අපි කල්පනා කරන්න ඕනි. මේ ගිවිසුම උගතුන් විරුද්ධ වෙලා තියෙනවා. පන්සලක් හදන්න දෙන්න බෑ කියනවා උතුරින්.අවසර ගන්න ඕනි. දකුණේ වුණත් පන්සලක් හදන්න අවසර ගන්න ඕනි ආගමික කොමිටියෙන්.

RSL

Related Posts