Exclusive: මහින්ද අවසානයේ පොහොට්ටු සමුළුවේදී නංගී පෙන්වා, අක්කා දෙන්න තීන්දු කරයි! සියල්ල සැලසුම් කොට අවසන්!

Spread the love

එළඹෙන ජූලි මස 11 වනදා පැවැත්වෙන රාජපක්ෂවරුන්ගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂයේ සංවත්සර සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනික අවස්ථානුකූලභාවය වෙනුවෙන් නාමිකව නම් කොට ඉන් අනතුරුව ජනාධිපතිවරණය කැඳවූ මොහොතේදී බැසිල් රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය සඳහා කැඳවීමට මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර සිය අවසන් තීරණය ලෙස ගත් බව එම පක්ෂයේ ඉතා විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

මේ වන විට දිනෙන් දින කඩා වැටෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන උද්යෝගයත්, පාක්ෂිකයින්ගෙන් ගිලිහී යන බලාපොරොත්තු හේතුවෙන් තවදුරටත් ගෝඨාභය නම්නොකොට එම රැල්ල නඩත්තු කළ නොහැකි බවට වන මතයට මහින්ද සහ බැසිල් ඇතුළු රාජපක්ෂ පවුල විසින් පැමිණ තිබේ. එම නිසා දේශපාලනයේ “ආපදා කළමනාකරණය” නොහොත් අවස්ථානුකූලව තත්වයන් නඩත්තු කොට පවත්වාගෙන යෑම සඳහා මෙලෙස ජුලි 11වනදා පැවැත්වෙන සමුළුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදුවනු ඇත.

එහෙත් සැබැවින්ම ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා නොවන අතර ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය සහ ඔහුට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණ දෙකක විභාගවෙමින් පවතින නඩු තවමත් ඉවත් කරගෙන නොමැත. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය සියල්ලන්ටම හොරෙන් ඉවත් කරගනිමින් ඒ සඳහා වන සියලු සූදානම් කටයුතු මේ වන සිදුකර ඇතැයි රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ඔත්තු කරුවන්ගේ මාර්ගයෙන් වාර්තාවේ.

මේ අනුව එළඹෙන ජූලි 11 වනදා පොහොට්ටු සංවත්සර සමුළුවේදී තම පාක්ෂිකයින් තාවකාලිකව පිනවමින් දේශපාලන රැල්ල අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රාජපක්ෂවරුන්ටම වහල් වූ පාක්ෂිකයින් ඇන්දවීම සඳහා “ගෝඨාභිගමනය” නමින් කිරුළු පැලදීමක් රාජපක්ෂ පවුල සූදානම් කර ඇතැයිද වාර්තාවේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව ගෝඨාභය රාජපක්ෂව තිරයෙන් ඉවත් කිරීමට අදාළ සියලු සැලසුම්ද මහින්ද සහ බැසිල් විසින් සකස් කොට අවසන් අතර එය එය අප දැනට අනාවරණය නොකරමු.

RSL

Related Posts