මහීපාල හේරත් ඒකාබද්ධ රැළියට සෙනග අැද්දේ ජනතා මුදලින්!
- RSL
- March 18, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Political
- 0 Comments
මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔවුන්ගේ රැස්වීම් සඳහා සෙනඟ ඇදීමට භාවිතා කරනු ලැබුවේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ය. විවිධ උපක්‍රම මගින් මුදල් නොගෙවා මෙලෙස ලබා ගත් බස්රථවලට අරක්කු සහ බත් පැකට් ද දවසේ වැටුපට සමාන මුදලක් ද ගෙවා ගම්වල මිනිසුන් උක්ත රැළිවලට ගෙන්වා ගත් බව ප්‍රකට තොරතුරකි.
එවන් ජනතා මුදල් පහත් ලෙස කාබාසිනියා කරන පන්නයේ වැඩ තවමත් නතර කරන්නට සබරගමුව පළාත් මහ ඇමැති මහීපාල හේරත්ට නොහැකි වී ඇති බව අනාවරණය වෙයි. එනම් ඊයේ (17) දින පැවැත්වූ රැළියට සෙනඟ ඇදීමට සබරගමුව පළාත් ප්‍රවාහන අධිකාරියෙන් මහ ඇමැතිවරයා රුපියල් ලක්ෂ 10ක් ලබා ගෙන ඇත.
මේ ගැන වහා ම පරික්ෂණයක් පවත්වා ජනතාවට ඇත්ත හෙළි කළ යුතු ය.
