මචං මහින්ද, මේ කොණ්ඩෙ කපන්නද..? රැවුල කපන්නද..?
- RSL
- January 11, 2018
- FB මාත්රාව, උණුසුම් පුවත්
- Mahinda Rajapaksa
- 0 Comments
පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්රීඩාංණයේදී ශ්රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන පොදු ජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ සමුළුව පැවැත්විණ.
මේ එම පක්ෂයේ නායකයා වූ මහින්දට, පක්ෂයේ සංවිධායකයින් අසුන් ගැනීමට පනවා තිබූ පුටුවයි. එසේම මහින්ද ටිකක් කොට නිසාත් වාඩි වුණු පසු කකුල බිම නොගෑවෙන නිසාවෙනුත් මහින්දට කකුල් දෙක තබා ගන්නට උසට සරිලන බංකු කොටයක් ද තබා තිබුණි. අප එම පක්ෂයේ සංවිධායකයින්ට සහ සමාජිකයින්ට ස්තුති කළ යුතු වන්නේය. ඒ අන් කවරක් නිසාවත් නොව තම පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ මානසිකත්වය ඉතා නිවැරදිව තේරුම් ගැනීම නිසාය. ජනාධිපතිකමත් නැති එකේ නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් නිසාවෙන් සියල්ලටම වඩා මහින්ද ලොකුයි කියා පෙන්වීමට අනිත් උන්ට නැති ලොකු බාබර් ටයිප් පුටුවක් හෝ මහින්දට ලබාදීමට ඔවුන් කටයුතු කිරීම අගනේය.
එදා මහින්ද වටේ සිටි සැටකපට ජැක්සන්ලා වැනි අන්දරේලා මහින්දව ඇන්දූ ඇන්දිල්ලේ හැටියට පැරදුණු මහින්ද රට වටේ, පන්සල්, පල්ලි, හන්දි, බෝක්කු ගානේ බලය සිඟමින් යන අතරේ මෙවැනි බාබර් පුටුවක වාඩි වී හෝ තමා තවම රජ’යැයි සිතා හෝ මානසික සැනසීමක් ලබන්නේ නම් එයම පිනක් නොවැ අපේ හාමුදුරුවනේ..
ඡායාරූප උපුටා ගැනීම: ගොසිප් ලංකා නිව්ස්

