කලු කබාය සහ හිටපු ජනපති
- RSL
- February 18, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports
- 0 Comments
සිය පුත්‍රයා වෙනුවෙන් පෙනී සිටීමට කලෙකට පසුව නැවතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නීතිඥ කලු ලෝගුවට බැස්ස බව ලංකාවේ ප්‍රධාන මාධ්‍ය බොහෝ උත්කර්ෂයෙන් යුතු ව වාර්තා කළේ ය. මහින්ද රාජපක්ෂ තම කිසිදු සමීපතමයෙක් වෙනුවෙන් උසාවි නාවේ ය. අඩු ම තරමේ තම සොයුරා බැසිල් වෙනුවෙන්වත් මැදිහත් නොවූ අතර යෝෂිතගේ ප්‍රශ්නයට මෙසේ ආවේ ය. එය පියෙක් ලෙස කළ යුතු වුවත්, වෙනත් ප්‍රශ්නයක් ඇත.
ලංකාවේ නීති විභාග ඉතිහාසයේ විශිෂ්ටතමයා ඔහුගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ ය. ඔහු මෙතෙක් නීති විද්‍යාලයක සිසුවෙක් ලබා ගත් ඉහළම ලකුණු ලබා ගත්තේ ය. කොල්වින් සිල්වා වැනි නීති විශාරදයෙකුටත් වඩා ලකුණු ලබාගත් නාමල් රාජපක්ෂ නිකන්ම කෝට් බෑයක් ඇඳ උසාවි ඇවිත් යද්දී නඩුවට පෙනී ඉන්නේ වෙනත් නීතිඥයන් ය. අපගේ සාධාරණ ප්‍රශ්නය මෙතරම් විශිෂ්ට නීතිඥයෙක් තම වැඩිමල් පුතුව සිටිය දී මහින්ද කලු ලෝගු අඳින්නේ ඇයි ද යන්න යි.
