දඹර අමිල ඇතුළු එජාප සහචරයින්ට මාස්පතා කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට මාස 10 කට මිලියන 146 ක පාඩුවක්!

Spread the love

දඹර අමිල හිමියන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ සහචරයින්ට මාස් පතා ලක්ෂ ගණනින් කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට පසුගිය මාස 10ක කාලසීමාව තුලදී මිලියන 146කට අධික පාඩුවක් සිදුව ඇති බවට අද(11) අධිකරණය හමුවේ අනාවරණය විය.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ එම සමාගම රුපියල් බිලියන 18 ක ලාභයක් වාර්තා කළත් එය වර්තමානයේ පාඩු ලබන තත්ත්වයකට බවට පත්ව ඇතැයි සාක්ෂිකරුවෙකු අද (11) කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පිළිගත්තේය.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන මුදිත තමානගම මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

විත්තිකාර ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ එම සමාගම රුපියල් බිලියන 18 ක ලාභයක් වාර්තා කළ බවයි.

එහෙත් 2014 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ එම ලාභය රුපියල් බිලියන 10 ක් දක්වා අඩුවී ඇතැයි පිළිගත් සාක්ෂිකරු මෙම වසරේ පසුගිය මාස 10 ක් කාලසීමාව තුළ මිලියන 146 ක් පාඩුවක් වාර්තා කළ බව පිළිගත්තේය.

රුපියල් බිලියන 4ක් වටිනා ගෑස් සිලින්ඩර මිලදීගෙන ඒවා ගබඩා කර තැබීම අකාර්යක්ෂම පාලනයක් බව පිළිගත් සාක්ෂිකරු ඉකුත් කාලයේ දේශපාලන වේදිකාවලදී ගෑස් සිලින්ඩර බෙදා දීම සිදූ බවද විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පිළිගත්තේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගයට ගෙන තිබේ. වැඩිදුර විභාගය හෙට(12) දිනට කල් තැබිණි.

RSL

Related Posts