ජනාධිපතිවරයා සහ පවුල සමඟ අතිශය සමීපතම පෞද්ගලික කාර්යමණ්ඩල මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණ තර්ජනයක්

Spread the love

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී කිසියම් පිරිසක් තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය පුද්ගලික කාර්ය මණ්ඩලයේ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය අංශ භාර ප්‍රධානියෙකුද වන මාධ්‍යවේදී නුවන් නිරෝධ විසින් චෝදනා කරයි.

ඔහු සඳහන් කරන්නේ මෙම පිරිස ඇමති ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පොලිස්පති පූජිත ජයසුන්දර අයගේ කාර්ය මණ්ඩල මෙන්ම පුද්ගලික ඥාතී සබදකම්ද ඇති අය බව සදහන් කල බවයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ගේ පුවත් කිහිපයක් අන්තර්ජාල මාධ්‍යයන්හි පළ කර ගැනීම සඳහා මුණගැසෙන්නැයි කරන ලද ඉල්ලීමක් අනුව තමන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගිය බවත් එහිදී මෙම පැහැර ගැනීමට උත්සාහ කල බවත් ඔහු කියයි.

ජනාධිපති ජ්‍යේෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂක ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකානායක සමඟ නුවන් නිරෝධ අල්විස්

එසේම ඒ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිළිණ සුරංජිත් මහතාගේ මැදිහත් වීම මත සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ආරක්ෂක අංශ ලබාදුන් උපදෙස් නිසා තමා පැහැරගැනීම වැළකී ගිය බවද ඔහු සඳහන් නුවන් නිරෝධ පවසයි.

ලක්මිණ පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු රූපවාහිනියේ “ඇඟිලි සලකුණ” වැඩසටහනේ හඬ කවන්නෙකු ලෙසත් සේවය කර ඇති අතර මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට ඔහු වෙබ් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇත.

https://www.facebook.com/nuwan.nirodha/videos/10156697490838501/