මට ඇහිච්ච විදියට ආණ්ඩුවට බහුතරය නෑ – කරු කියයි; සෙංකෝලයත් නෑ
- RSL
- November 14, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, karu jayasuriya, Parliament, Prime Minister Mahinda Rajapaksa, UNP
- 0 Comments
පාර්ලිමේන්තුව කැඳවමින් එහි න්‍යාය පත්‍රයට පිටින් කටයුතු කළ කථානායක කරු ජයසුරිය අද(14) එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සැලසුම් කළ පරිදි නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් එය විනාඩි කිහිපයක් තුළ විභාගයට ගනිමින්, නිසි ක්‍රමවේදයකින් තොරව ඡන්ද විමසීමක් පවා සිදුකළේය.
එහෙත් අද(14) දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මීට හාත්පසින්ම වෙනස් වූ එකක් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අසුන් හි තබා තිබූ න්‍යාය පත්‍රය පහත දැක්වේ.
එසේම සියලු පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කරමින් කථානායක කරු ජයසුරිය විසින් සිදුකළ ඡන්ද විමසීමකදී ඔහු පැවසූයේ, “මට ඇහිච්ච විදියට පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩුවට නැති බවයි”. එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සෙංකෝලය පවා නියමිත තැනින් ඉවත් කොට සඟවා ගෙන තබා ඇත. ඉන් පසුව ඔහු විසින් පාර්ලිමේන්තුව යළි හෙට (15) 10.00 ට කල් තබන බව පවසා ඉන් වහා නික්ම ගියේය.


