කථානායක කරූ පක්ෂ දේශපාලනයෙන් වියරු වැටෙයි! විධායකයත් අභිබවා යමින් පිස්සු කෙළියි! (වීඩියෝ)

Spread the love

ආණ්ඩුබලය වෙනස් වූ දේශපාලන පසුබිම තුළ වත්මන් කථානායකවරයාගේ වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී දේශපාලන හැසිරීම අද(05) තවත් ගැටළුකාරී තත්වයක් දක්වා වර්ධනය වූයේ තම පක්ෂයේ දේශපාලන උවමනාව මත ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයක් සමඟිනි.

විවිධ අවස්ථාවන්වලදී තම වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂයෙන් පැන යෑම, මැර ක්‍රියා කිහිපයක් හැරුණු කොට මෙරට යම් මට්ටමක කීර්තිමත් දේශපාලඥයෙකුව මේ වන විට කථානයකවරයා ලෙස කටයුතු වයෝවෘද කරූ ජයසූරිය දේශපාලන අවශ්‍යතාවයන් මත ධුරය අවභාවිතා කරමින් සිටින බවට චෝදනා එල්ලවේ.

එක්සත් ජාතික පාක්ෂික මන්ත්‍රීවරයෙකු වන කරු ජයසූරිය කථානායක වරයා ලෙස අපක්ෂපාතීව කටයුතු කළ යුතු වුවද ඔහු තම පක්ෂයේ දේශපාලන ඉත්තෙකු බවට පත්ව මේ වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව පවා මුළුමනින්ම උල්ලංඝනය කරමින් විධායක ජනාධිපතිවරයා සතු විධායක බලයටද අභියෝග කරමින් තම දේශපාලන සහචරයින්ගේ අවශ්‍යතා සහ සිතැඟි සංසිදිවා ලීම සඳහා රට අරාජිකත්වයට පත්කරන ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

ජනාධිපතිවරයා ඉදිරියේ එක් ප්‍රකාශයක් සිදුකොට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා තවත් ප්‍රකාශයක් සිදුකොට යළි තවත් දිනයක වෙනත් ප්‍රකාශයක් සිදුකරමින් උන්මත්තකයෙකු ලෙස කරු ජයසුරිය වැනි පරිණත දේශපාලඥයෙකු හැසිරීම කණගාටුදායක බව දේශපාලන විචාරකයෝ පවසති.

මේ අතර කථානායකවරයා පක්ෂග්‍රාහීව සහ පක්ෂයකට වාසි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සම්මතයට පටහැනි බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසයි.

අද(05) උදෑසන කථානායක කරූ ජයසූරිය, නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බවයි.

මෙම නිවේදනය හෙළා දකින බව ද සරත් අමුණුගම මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මෙය කථානායකවරයා විසින් ගන්නා ලද පෞද්ගලික හා දේශපාලනික පළිගැනීමක් වන බවත්, එය කථානායකවරයෙකුට කිසිසේත් සුදුසු නොවන බවයි. කිසිදු පක්ෂයට වාසි වන ලෙස ප්‍රකාශ කිරීම ව්‍යවස්ථා විරෝධී වන බව ද අමුණුගම කියා සිටියේය.

සමහර ප්‍රශ්නවලට ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව කටයුතු කළ යුතු වන බව ද කියා සිටි සරත් අමුණුගම, ජනාධිපතිවරයා විසින් 16 වන දා දක්වා කල්දමා තිබු පාර්ලිමේන්තුව නොවැම්බර් මස 14 වන දින දක්වා නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ, හුදෙක් අයවැය සකස් කිරීමට අවශ්‍ය කාලය සැකසා ගැනීමට බව ද පැවසීය.

ඒ තුළින් මෙහි ඇති ප්‍රායෝගික තත්ත්වය වැටහෙන බවත්, කථානායකවරයාට කිසි විටෙකත් එය විවේචනය කිරීමට නෛතික හැකියාවක් නොමැති බව ද කියා සිටියේය.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මාස 2 දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමේ හැකියාව පවතින මොහොතක මෙවැනි තීරණයක් ගනු ලැබූවේ ද මුදල් අමාත්‍යවරයාට අයවැය සැකසීමට අවශ්‍ය ලේඛන සකසා ගැනීමට කාලය ලබා දීමට බවත්, කථානායකවරයාට අගමැති පුටුවේ අසුන් ගන්නා පුද්ගලයා තීරණය කිරීමට පවා කථානායකවරයාට හැකියාවක් නොමැති බව ද පැවසීය.

දේශපාලන ඕපාදුව අනුව රටක් ගෙන යා නොහැකි බවත්, ජනාධිපතිවරයා සමඟ පැවති පෞද්ගලික සාකච්ඡාවක් ගැන පවසමින් නිවේදනයක් නිකුත් කිරීමේ කිසිදු නෛතික හැකියාවක් නොමැති බව ද සරත් අමුණුගම කියා සිටියේය.

මේ අතර, දේශපාලන වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් රට තුළ ඇති කිරීමේ අරමුණින් මෙවැනි නිවේදනයක් කථානායකවරයා විසින්, නිකුත් කර ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි.

RSL

Related Posts