ගැසට් නිවේදනය තවමත් වලංගුයි; පාර්ලිමේන්තුව කැඳවන්න කථානායකට නීත්‍යානුකූල අයිතියක් නෑ (වීඩියෝ)
- RSL
- November 14, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- karu jayasuriya, Parliament, UNP, upfa, wimal weerawansa
- 0 Comments
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුකොට නොමැති නිසාත්; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකොට ඇත්තේ එය තාවකාලිකව අත්හිටුවීම පමණක් නිසාත් කථානායකවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් හිමිනොවන බව ඊයේ(13) රාත්රියේදී ආණ්ඩු පක්ෂය නිවේදනය කළේය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (14) දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී විම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිමෙන් පසු තීරණයක් ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ මැතිවරණ සංවිධාන කටයුතු හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් මේ වන විට කොළඹින් බැහැරව සිටින බවයි.

