තානාපතිවරු නැති නිසා කරූ සහ එජාපය අද පාර්ලිමේන්තු දර්ශන වාරය අවලංගු කරයි

Spread the love

අද(19) පස්වරු 1.00ට රැස් වූ පාර්ලිමේන්තුව සඳහා තානාපතිවරුන් සහ බාහිර පුද්ගලයින්ට මහජන ගැලරිය වසා දමා තිබූ අතර අද දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කිරීමට සැලසුම් කර තිබූ සුපුරුදු සංදර්ශන වාරය අද අවලංගු කිරීමට තීරණය වී ඇතැයි වාර්තා විණ.

ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවට නොපැමිණි අතර නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවන ලඳුව ලබන 23 වන සිකුරාදා උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් අද(19) පාර්ලිමේන්තුව තුල ඉදිරිපත් කරන “විශ්වාසභංග ජවනිකාවේ තෙවන කොටස” නැරඹීම සඳහා රටේ බොහෝ ජනතාවක් සැදී පැහැදී සිටි බවට වාර්තාවේ.