ජවිපෙ අයත් ශ්‍රීලනිපයට

Spread the love

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්වූහ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත‍්‍රීන් 07 දෙනෙකු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් දෙදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 18 දෙනෙකු ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවී මෙලෙස සහය පළකරනු ලැබූහ.

ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළට සහය දක්වමින් එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්

01. දිමුතු අබේකෝන්
02. ආර්.පී.ඒ රණවීර
03. එස්. කේ සුබසිංහ
04. අංජාන් උම්මා

සහය දක්වමින් එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන්

05. එරාජ් ක‍්‍රිශාන්ත ද අල්විස්
06. සමන් පුෂ්පකුමාර
07. අනුර දිසානායක
08. එච්.එම්.කේ හේරත්
09. එම්. ජයරත්න
10. අරුණ දිසානායක
11. පී.භුමිනාදන්

සහය දක්වමින් එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රාදේ්ශීය සභා මන්ත‍්‍රීවරුන්

12. ඉන්දික සෙනරත් කුමාර
13. සේනක රණසිංහ

සහය දක්වමින් එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සංවිධායකවරුන් හා සාමාජිකයින්

14. ධම්මික වංශතිලක
15. කිත්සිරි විජේසිංහ
16. එම්.ඒ ගුණතිලක
17. එච්.එම්.පී.එම් කරුණාරත්න
18. අනුර බණ්ඩාර හඳගම
19. හේමන්ත ජයරත්න
20. අනුර ගෝනාවල
21. ප‍්‍රසන්න සුජීව මෙන්ඩිස්
22. යූ.එල්. මුජිබර් රහුමාන්
23. ඩබ්.පී.කේ ධම්මික ලියනගේ
24. ඩබ්.එම්.ඒ ප‍්‍රියන්ත විජේසිංහ
25. ආර්.ඩබ්. බන්දුල
26. ආර්.බී. ඩබ්.වයි වන්නිනායක
27. ආර්.ඒ විජේසේකර
28. ඩබ්.ප‍්‍රියන්ත ගුණසිරි
29. ලයනල් ප‍්‍රනාන්දු
30. ඒ.එම් අබේකෝන්
31. ඩබ්.ඒ අර්ජුන කැලුම් ඒකනායක

ජනාධිපතුමා වෙත සහය දැක්වීමට පැමිණි මෙම පිරිස අතුරින් පිරිසකට ජනාධිපතිතුමා අතින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය සංකේතාත්මකව පිරිනැමිණි.

එසේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත්සභා මන්ත‍්‍රී පාලිත ලිහිණියකුමාර මහතා සමග සාමාජිකයින් දෙදෙනෙක් ද ජනාධිපතිතුමා වෙත සහය දැක්වීමට එක්වූහ.