ඇමති ජෝන්ගෙන් දත් දොස්තරට කනේ පහරක්!
- RSL
- May 2, 2017
- පුවත් සහ වාර්තා
- news, Rajitha Senarathna, reports
- 0 Comments
දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න ඇමැතිවරයා වගේ තමා සෑම පක්‍ෂයකටම සම්බන්ධවූ අයකු නොවන බවද තමා එදත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අදත් එම පක්‍ෂයේම යෑයිද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති කම්කරු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා පවසයි.
ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
මම දෙපිටකාට්‌ටු නැහැ. මම හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ. මගේ කකුල් දෙකම තබා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මතයි.
එක කකුළක් එක පැත්තක තව කකුලක් තවත් පැත්තක තබාගෙන ඉන්නේ නැහැ. මම දේශපාලනය ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්. ඒ වගේම කවදා හෝ අවසන් කරන්නේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්. ඔය රාජිත සේනාරත්න ඇමැතිවරයා පක්‍ෂ කීයකට ගියාද? අපි ඒ වගේ නැහැ.