
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ එක්සත් රාජධානියේ SheTrades Commonwealth+ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන SheTrades Sri Lanka Hub නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය අද (14 දා) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ විය.
මෙම SheTrades Sri Lanka Hub වැඩසටහන කාන්තා ව්‍යවසායකයින්ට අවශ්‍ය නිපුණතා වලින් සන්නද්ධ කිරීම සඳහා සම්පත් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරනු ඇත. ඒ යටතේ වෙළඳපල ප්‍රවේශය,ජාත්‍යන්තර වෙළඳපලෙහි ඇතිවන වෙනස්වීම්වලට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය සහාය සහ ගෝලීය වෙළඳාමේ දී වැඩි සහභාගීත්වයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලබයි.
ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ට අනුව 2024 දී වෙළඳ භාණ්ඩ අපනයනය ඩොලර් බිලියන 16.17 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 7.06% ක වර්ධනයකි.
ශ්‍රි ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ක්ෂේත්‍රයෙන් 25% කට වැඩි ප්‍රතිශතයකට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රමුඛ ව්‍යාපාර දායක වන අතර ජාත්‍යන්තර ගැනුම්කරුවන් සුරක්ෂිත කර ගැනීම වැනි විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. මෙම පරතරය පියවා ගැනීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමටත්, අපනයන වැඩි කිරීමටත් SheTrades Sri Lanka Hub වැඩසටහන විසින් පුහුණුව, වෙළඳ පහසුකම් සහ ජාලකරණ අවස්ථා ලබා දෙනු ඇත. ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව, කැරිබියානු , මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා විහිදී ඇති SheTrades Hub 20 ක ගෝලීය ජාලයකට SheTrades Sri Lanka Hub සම්බන්ධ වේ.
මෙම සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කාන්තා ආර්ථික සම්බන්ධතා පිළිබදව අවධාරණය කරන ලදි.ඇය මෙසේ සඳහන් කළාය:
“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා කාන්තාවන් සෑම විටම මූලික භූමිකාවක් ඉටු කර ඇත. එහෙත්, ඔවුන්ගේ දායකත්වයට ඇති ව්‍යුහාත්මක බාධක හේතුවෙන් ඔවුන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරයි. අපගේ රජය, කාන්තාවන්ට ව්‍යවසායකයින් සහ අපනයනකරුවන් ලෙසද වර්ධනය වීමට අවශ්‍ය ආර්ථික පරිසරයක් සකසමින් මෙම බාධක බිඳ දැමීමට කැපවී ඇත.”
ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා පැමෙලා කෝක්-හැමිල්ටන් මහත්මිය (Ms. Pamela Coke-Hamilton) අවධාරණය කරන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට ප්‍රතිචාර දක්වන වෙළඳ ප්‍රතිපත්තිය වෙනුවෙන් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) හි කැපවීම නැවත තහවුරු කරන බවත් කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම සහ ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් දිනපතා වැඩ කළ යුතු බවයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා කාන්තා ප්‍රමුඛ ව්‍යාපාර සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. සහයෝගීතාවයේ වටිනාකම ප්‍රකාශ කරමින්, ඔහු මෙසේ සඳහන් කළේය:
“අපි ඉදිරියට යන විට, සහයෝගීතාවය මූලික අංගයක් වේ. රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්, මූල්‍ය ආයතන සහ පෞද්ගලික අංශය එක්ව, SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානය කල්පවත්නා ආර්ථික බලවේගයක් බවට පත් කිරීම සඳහා කටයුතු කළ යුතුය. බාධක මැඩලමින්ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය කරමින් කාන්තා ව්‍යවසායකයින් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අනාගතයක් ගොඩනැගීමට අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුය.”
ධාරිතා වර්ධන වැඩසටහන් වලට අමතරව, කාන්තා කොටස්කරුවන් ඇතුළත් ප්‍රතිපත්ති, කාන්තා ව්‍යවසායකයින් සඳහා වෙළඳ රෙගුලාසි වඩාත් ප්‍රවේශ විය හැකි සහ ප්‍රයෝජනවත් බව සහතික කිරීම සදහා SheTrades Sri Lanka Hub පෙනි සිටියි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ඇතුළත් ආර්ථික සංවර්ධනය සඳහා එක්සත් රාජධානියේ කැපවීම නැවත තහවුරු කරමින් මෙසේ සඳහන් කළේය:
“ගෝලීය සමෘද්ධිය සහ වර්ධනය සඳහා කාන්තාවන්ගේ පූර්ණ ආර්ථික සහභාගීත්වය ඉතා වැදගත් වන අතර අපගේ සංවර්ධන කටයුතු තුළින් කාන්තාවන්ට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට සහාය වීමට එක්සත් රාජධානිය කැපවී සිටී. “SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානය පිහිටුවීම සැමරීමට ලැබීම ගැන මම සැබවින්ම සතුටු වෙමි. මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සඳහා පුළුල් සහයෝගයක් ලබා දෙන්නක් වනු ඇත. එය ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර වෙළඳපොළට වැඩි ප්‍රවේශයක් ලබා දීමට පහසුකම් සපයන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන න්‍යාය පත්‍රයට දායක වනු ඇත. “
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Mr. Andrew Patrick) ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා පැමෙලා කෝක්-හැමිල්ටන් මහත්මිය (Ms. Pamela Coke-Hamilton) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති / ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) නියෝජනය කරමින් නිලධාරීන් සහ කාන්තා ව්‍යවසායකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා
ජාත්‍යන්තර වෙළඳ මණ්ඩලයේ (ITC) විධායක අධ්‍යක්ෂ පැමෙලා කෝක්-හැමිල්ටන් මහත්මිය
සක්ෂි ලෙස:
ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය – ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්, අන්ඩෲ පැට්‍රික් මහතා