මහ ඇමැති ඉසුරට දිව දෙකක්!
- RSL
- September 16, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Isura Devapriya
- 0 Comments
“බස්නාහිර පළාත් සභාවට ආනයනය කරන්න ගිය පුටු ගැන කළ හෙළිදරව්ව හේතුවෙන් ආණ්ඩුකාරවරයා අද එම පුටු ගෙන්වීම අත්හිටුවා තිබෙනවා. මට ඒ ගැන හරි සතුටුයි.” යෑයි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
පළාත් සභාවට රුපියල් හය ලක්ෂ පනස් දහස බැගින් පුටු ආනයනය කරන්නට යන බව මුලින්ම සඳහන් කළේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා 13 වැනිදා සඳහන් කළේ එසේ ආනයනය කිරීමට සූදානම් වූ පුටුවක වටිනාකම රුපියල් අටලක්ෂ හතළිස් හතර දහසක් බවයි. එම පුටු ආනයනය අත්හිටු වූ බවද ආණ්ඩුකාරවරයා එහිදී සඳහන් කළේය. එම තීරණය සම්බන්ධයෙන් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගෙන් විමසීමේදී ඔහු එම කරුණු සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් කතා කළ මන්ත්රීවරයා මෙසේද කීය.
“මේ රුපියල් හයලක්ෂ පනස් දහසක පුටු ගෙන්වන්න හදන සිද්ධිය මම ආණ්ඩුකාරතුමාට ලිඛිතව දැනුම් දුන්නා. මගේ වගකීම හරි හැටි කළා වගේම ආණ්ඩුකාරතුමා එතුමාගේ වගකීමත් හරියට ම කළා. රටට අහිමි වෙන්න ගිය රුපියල් කෝටි ගණනක මුදලක් ඉතුරු කරලා දෙන්න පුළුවන් වුණා කියලා මට සතුටුයි. දේශපාලනඥයකුගේ වගකීම විය යුත්තේ මේකයි. මහ ඇමැතිතුමාට තියෙන්නේ දිව දෙකක්. දැන් එදා එතුමා කිව්වා කවුරු මොනවා කිව්වත් මේ පුටු පළාත් සභාවට ගේනවා කියලා. අද එතුමා කියන්නේ වෙන දෙයක්. මෙයා මහ ඇමැතිකමට සුදුසු ද කියලත් හිතනවා වෙලාවකට. අපි හැම වෙලාවෙම ජනතාවට වැඩ කළ යුතුයි. එහෙම නැතුව සැප පුටු නෙමෙයි ඕන.”

