ව්‍යවසාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ විසින් දක්වන ලද අදහස්වලට අනුව, පෙනෙන්නට තිබෙන්නේ සීඝ්රයෙන් දියුණු වෙමින් පැවති ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය නුදුරේ දී අත්සන් කරන්නට නියමිත ඉන්දු – ලංකා භාණ්ඩ හා සේවා ගිවිසුමෙන් විනාශ වී යාමට නියමිත බව ය. අතිශය සමච්චල් සහගත ස්වරයෙන් ඇමති සුජීව සේනසිංහ පවසා සිටියේ 100% ක් අපට වාසි වෙන්නට ගිවිසුම් ගහන්නට බැරි බව යි. මේ ගිවිසුමේ භාණ්ඩ සම්බන්ධ කොන්දේසි කෙසේ වෙතත් සේවා සම්බන්ධ කොන්දේසි ගැන බොහෝ දෙනා බැලුවේ සැකයෙනි.
ඒ සැකය සාධාරණ වෙමින් ඇත. වෛද්‍ය සහ නීති සේවා ක්ෂේත්‍රයත් බිලියන ගණනක් ජනතාව සිටින ඉන්දියාව වෙත විවර කෙරෙතැයි ආරංචි පැතිර ගිය ද ඒ ක්ෂේත්‍ර දෙක ගිවිසුමෙන් අත්හැර දමා ඇති බවක් පෙනෙන්නට තිබේ. වෛද්‍ය සහ නීති වැනි ක්ෂේත්රයන්හි නියුතු වන්නන් සංවිධානාත්මක පිරිසක් වන අතර එයට අත තබා අත පුච්චා ගන්නට ආණ්ඩුව අකමැති බවක් මෙමගින් පෙන්නුම් කරයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය යනු එලෙස සංවිධානය නොවුණු ශ්‍රමිකයන් සිටින එකකි. ආණ්ඩුව සැරසෙන්නේ පළමුව ලබ්බට අත තියන්නට ය. පුහුලට පසුව අත තබනු ඇත. ඉන්දියාවේ සේවා ක්ෂේත්රයේ පවතින දුගී භාවය ලොව ප්‍රචලිත ය. ඔවුන්ගේ උපාධි, පශ්චාත් උපාධි පවා ඇත්තේ ගුණාත්මක තත්වයක නොවේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ගැන අබමල් රොනකවත් දැනුමක් ඇති අයෙක් දන්නා පරිදි ඉන්දියාවේ සිටින්නේ තුට්ටු දෙකට සේවා සපයන ශ්‍රමිකයෝ ය. දැනට පවා අන්තර්ජාල නිදහස් සේවා අවකාශවල මිල ගණන් ඉන්දියානුවන් නිසා අර්බුදයට ගොස් ඇත. සුජීවලා, මලික්ලා සරලව මෙසේ පැවසුවා ට රටේ දියුණු වෙමින්, විදේශ විනිමය ගෙන එමින් තිබෙන ක්ෂේත්රයක් වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට මෙය ලෙහෙසි නොවනු ඇත.
ඉතා ඉක්මනින් අත්සන් කරන්නට කැස කවන මෙම ගිවිසුම පිළිබඳ බරපතළ සවිඥානකත්වයක් යොමු කොට ලංකාවේ තොරතුරු තාක්ෂණ රැකියාවල නිරතවන්න් සංවිධානය විය යුතු කාලය එළැඹ තිබේ. සටන් කළ යුතු කාලය එළැඹ තිබේ.
ඊළඟට අත තබන්නේ, අනෙක් සියලු සේවා ක්ෂේත්රවලට බැවින් ඔවුන් ද මේ සටනට සහය දිය යුතු ය!