ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ කරු ජයසුරිය අතර විශේෂ සාකච්ඡාවක්!
- RSL
- February 13, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- karu jayasuriya
- 0 Comments
ඉන්දියානු මහ කොමසාරිස් ටෙරන්ජිත් සින් සන්දු මහතා හදිසියේම ඊයේ(12) පස්වරු 6.30 ට පමණ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා හමු වී ඇති බව විශ්වාසන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
වත්මන් දේශපාලන තත්වයත් සමඟම ආණ්ඩුවේ සිදු වීමට යන විශාල වෙනස සැලවීමත් සමඟම මෙම විශේෂ හමු වීම සිදුව ඇතැයි වාර්තාවේ. ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙහිදී කරු ජයසුරිය මහතාගේ ඉදිරි දේශපාලන ගමන සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට ඇතිබව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පැය එක හමාරකට ආසන්න කාලයත් පැවති මෙම සාකච්ඡා අවසානයේ ඉන්දීය කොමසාරිස්වරයා විසින් කරු ජයසුරිය මහතා “නව අගමැතිතුමාට ප්‍රථමයෙන්ම අපගේ සුභ පැතුම්!” ලෙසට සුභ පැතුම් එක්කර ඇතිබවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවේ.
මීට අමතරව අද(13) සන්ධ්‍යාවේදී ඇමරිකානු තානාපතිවරයාද කරු ජයසුරිය මහතා හමුවීමට නියමිත බව ඒ මහතාගේ සමීපතම ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තාවේ.
ලංකා රියල් නිව්ස් ඇසුරින්
ජායාරූප: ඩේලිමිරර්

