“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

Spread the love

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවලට බලපාන පොදු ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ “ඉන්දියානු සාගරය, අපගේ අනාගතය නිර්වචනය කිරීම” තේමාකොට ගත් සමුළුව ඊයේ (11 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ආරම්භ විය.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී ගෝලීය වෙළෙඳාමට සහ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කිරීම ලොව තෙල් නෞකාවලින් තුනෙන් දෙකක් හා තොග භාණ්ඩ රැගෙන යන නෞකාවලින් තුනෙන් එකක් යාත්ත්‍රා කරන අතිශය වැදගත් සන්නිවේදන මුහුදු මාර්ගයක් පිහිටා තිබීම ආදී කරුණු පිළිබඳව ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ ඉන් ඔබ්බෙන් පිහිටි රටවල රාජ්‍ය නියෝජිතයන් හා විද්වතුන් සාකච්ඡා කරනු ඇත.

මෙම සමුළුව අග්‍රාමාත්‍ය කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යයාංශය, ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ මර්දන වැඩසටහන එක්ව සංවිධානය කරයි.

ඊයේ පැවැති සමාරම්භක උළෙලේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සාගර පිළිබඳව විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන් මහතා ද සමුළුව ඇමතූහ.

කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක ආර් සම්බන්ධන්, විදේශ කටයුතු ඇමැති තිලක්&zව්න්ජ්; මාරපන, රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් සහ දෙස් විදෙස් විද්වත් ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.