අත්අඩංගුවට ගත් පොලිස්පති ඇප මත මුදා හරී
- RSL
- October 1, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද(01) ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි.
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට අද අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, 2017 පොලිස් මුලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් වන චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

