මහින්දගේ කාලේ ඉඩම් අක්කර ගණන් පිට රටවලට වික්කේ සින්නක්කරේට (වීඩියෝ)
- RSL
- July 20, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ඒකාබද්ධ විපක්ෂය ජනතාවට ඉඩම් ලබාදීමට විරුද්ධව පදනම් විරහිත ප්‍රකාශ සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
අරලියගහ මන්දිරයේ අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ජනතාවට ඉඩම් අයිතිය පැවරූ පසු ඔවුන් ඉඩම් බහු ජාතික සමාගම්වලට පවරනු ඇති බව පැවසීම මුග්ධ තර්කයක් බවත් ජනතාවට ඉඩම් නොදී සිටීම ඒකාබද්ධ විපක්ෂයේ අදහස බවත් ඒ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින තාක් රටේ ජනතාවට ඉඩම් ලබා නොදුන් බවත් එම කාලයේ අමෙරිකානු සමාගම්වලට ඉඩම් අක්කර ගණන් විකුණු බවත් මුජිබර් රහුමන් මහතා පවසයි.
ගෝල්ෆේස්හි පිහිටි හමුදාවට අයත්ව තිබු ඉඩම සින්නක්කරව ෂ්‍රැංඟ්‍රිලා සමාගමට විකුණු බවත් මුහුදේ අක්කර ගණනාවක් චීන සමාගමකට විකුණු බවත් ඔහු චෝදනා කරයි.

