හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට
ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට දී පැවැත් වූ උද්ඝෝෂණය අතරතුර කලහකාරී ලෙස ක්‍රියා කළ පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
විරෝධතාව අතරතුර හටගත් නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පොලිස් නිළධාරින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
අද පෙරවරුවේ හම්බන්තොට නගරයේ සිට පා ගමනින් ඉන්දිය කොන්සල් කාර්යාලය අසළට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම හා පොලීසිය විසින් කඳුලු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

