ආණ්ඩුව බලයට ගෙන ආ සිවිල් සංවිධාන 49ක සහය ආණ්ඩුවට අහිමිවෙයි!
- RSL
- May 15, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
තවදුරටත් ආණ්‌ඩුවට සහාය දෙන්නේද නැතිද යන්න තීරණය කිරීම සඳහා ආණ්‌ඩුව බලයට ගෙන ඒමට සහාය දුන් සිවිල් සංවිධාන 49 ක් අද (15) රැස්‌වී තීරණයක් ගැනීමට නියමිතය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු මෙම සංවිධාන 49 ඉකුත් ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ආණ්‌ඩුව බලයට ගෙන ඒම සඳහා ගිවිසුම්ගතව පූර්ණ සහාය දැක්‌වීය.
බලයට ඒමට පෙර ආණ්‌ඩුව පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂිතයන්ට දඬුවම් දීම, දූෂණයෙන් තොරව ආණ්‌ඩුව පවත්වාගෙන යැම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ආදී කරුණු ඉටුකිරීමට ආණ්‌ඩුව මෙතෙක් අපොහොසත් වී ඇති බැවින් මේ පිළිබඳව අද දිනයේ සාකච්ඡා කර තීරණයක් ගැනීමට එම සංවිධාන රැස්‌වීමට නියමිතය.
මෙම සාකච්ඡාව පිටකෝට්‌ටේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාර මූලස්‌ථානයේදී පැවැත්වෙයි.