ගෝඨාභය දිනන්නත්, දිනූ දේ රැක ගන්නත් පාවිව්චි කරන එම මඟ “ත්‍රස්තවාදයයි”..! ඒ ත්‍රස්ත භීතියෙන් ජයගන්න ගෝඨාභයගෙන් මෙහෙයුමක්

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ගේ මැතිවරණ මෙහෙයුම් සදහා මාතර දිස්ත්‍රික්කයේපාසල් කේන්ද්‍ර කරගනිමින් අමුතු මාදිලියේ මැතිවරණ මෙහෙයුමක් පටන්ගෙන තිබේ.

පොදුජන පෙරමුණට හිතවත් විදුහල්පතිවරුන් විසින් මේ මැතිවරණ මෙහෙයුම සිය පාසල්වල මේ වන විට ආරම්භ කර තිබේ.

ත්‍රස්ත භීතිය දෙමාපියන් සහ දරුවන් තුල ඇතිවන සේ උදෑසන පාසලට පැමිණෙන දරුවන් ගේ පාසල් බෑග් දැඩි සෝදිසියකට ලක් කිරීම, පාසල් ගේට්ටුව අසල දෙමාපියන් රැදවීම හා ත්‍රස්ත භීතිය සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිති හරහා මව්පියන්ට අසත්‍යය කරුණු හුවා දැක්වීම මේ අමුතු මාදිලියේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රමයයි.

මේ මෙහෙයුම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන විදුහල්පතිවරු සහ එම පෙරමුණේට සහය දක්වන දෙමාපියන් දැනුවත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්ක බලමණ්ඩලයේ නියමුවන් ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර ප්‍රධාන පෙලේ හෝටලය කදී සිදුකර ඇත.

අදාල සාකච්ඡාවට අනුව ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 12 දිනය දක්වා මාතර දිස්ත්‍රික්කයේ පාසල් වල ගේට්ටුව අසලදී දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම හා ගේට්ටුව අසල පොදුජන පෙරමුණට හිතවත් මව්පියන් රැදවීම පසුගියදා (21) සිට ආරම්භ කර ඇති බව දැනගන්නට තිබේ.

මේ සදහා තවත් කණ්ඩායමක් කටකතා පැතිර වීමට හා ප්‍රසිද්ධ ස්ථානවල සැක ඇතිවන සේ පාර්සල් තැබීමට යොදවා ඇතැයිද දැනගන්නට ඇත.

අප වාර්තාකරුවන් පවසන්නේ පසුගියදා (21) සිට මාතර දිස්ත්‍රික්ක යේ පාසල් කිහිපය ක ගේට්ටුව අසල දෙමාපියන් රැදවීම හා පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම සිදුවන බවයි.

මෙම මෙහෙයුමට සමාන්තරව ඊට අදාල දැන්වීමක්ද මේ දිනවල රූපවාහිනී ඔස්සේ විකාශනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රචාරක ඒකකය කටයුතු කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ දැනුම්දීමක් නැහැ !

මාතර පාසල් දරුවන් හා දෙමාපියන් බියගන්වමින් සිදුකෙරෙන මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මාතර පාසලක විදුහල්පතිවරයකු පැවසුයේ, දකුණු පළාත අධ්‍යාපන අධ්‍යක්ෂක විසින් නිකුත්කළ චක්‍ර ලේඛනයක් මත මත මෙවැනි පියවරක් ගත්බවයි. දකුණු පළාත අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට මෙම දැනුම්දීම කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් විමසීමට දකුණු පළාත අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධකර කර ගැනීමට දරු උත්සාහය අසාර්ථකවිය.

කෙසේවුවද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ ජනාධිපති ලේකම්වරයා විසින් හෝ වෙනත් කිසිඳු බලධාරියකු විසින් එවැනි දකුණු පළාත අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට මෙවැනි පියවරක් ගැනීමට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවයි.

RSL

Related Posts