ගෝඨාගේ සහචරයින් යොදවා පැළ කරන්න ගිය පුවතේ විමර්ශන දැඩි කරයි

Spread the love

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝතනය කිරිමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලූ පරික්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතිව කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.

ඉහත චෝදනාවලට අදාළව මෙතෙක් කර ඇති පරික්ෂණයන් හි ප්‍රගතිය පිළිබඳවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා ඇති. එසේම පරික්ෂනයන් හි ඊයේ වන තෙක් සමාලෝචනයක් ද ලබා ගැනිමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේය.

මාධ්‍ය ඔස්සේ විකාශය වූ දෙබස පිළිබඳ හඩ පට ද මේ වන විට නියම තත්ත්වය විමසා බැලිම සඳහා රජයේ රස පරික්ෂක වෙත යවා ඇති බවද නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා කරුණු වාර්තා කර තිබුනි.

ඊට අමතරව රහස් පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ බව කියන සියළු පාර්ශව වෙතින් කටඋත්තර ලබා ගැනිම මේ වන විට කරගෙන යන බවද පරික්ෂණයන් හි ප්‍රගතිය දක්වමින් අමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත. ඉහත සිද්ධියට අදාළ පරික්ෂ පුළුල් හා විනිවිදභාවයෙන් යුතුව කරනා ලෙස ද අග්‍රාමාත්‍යවරයා යළිත් වරක් නිතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

ගෝඨාගේ තවත් එක් ජාතිවාදී ව්‍යාපාරයක් වූ “සිංහලේ” තුළින් කැඩී ගොස් නිර්මානය වූ අතු ශාඛාවක් වූ “මහසොන් බලකාය”ට සමබ්න්ධ ප්‍රධානීන් වන අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් සහ නාමල් කුමාර

ආශ්‍රිත පුවත්: ඝාතන තැතක් ලෙස මෛත්‍රී-ගෝඨා වෙනුවෙන් දෙපිටකාට්ටුවෝ පැළ කරන්න ගිය පුවත විගඩමක් වෙයි (වීඩියෝ)