GMOA ලිපියෙන් ‘කොළඹ COVID එන්නත්කරණයට අවුලක්’
- Editor
- June 10, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ්-19 එන්නත්කරණ රාජකාරීවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට තීරණය කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියයි.
හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට හේතු පැහැදිලි කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීන් ද එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවීම අනවශ්‍ය අතපෙවිමක් ලෙස ආර්ථ දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා තිබෙන බවයි.
‘‘ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීන් ද කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවීම අනවශ්‍ය අතපෙවිමක් ලෙස ආර්ථ දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා තිබීම නිසයි අපි අසීරුවෙන් හෝ මෙම තීරණය ගත්තේ‘ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කීවේය.

