පොලිසියෙන් දඩ වෙනුවට හෙට සිට තෑගි..!
- RSL
- September 17, 2017
- පුවත් සහ වාර්තා
- Sri Lanka Police, Traffic Police
- 0 Comments
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව නීතිගරුක හා විනයගරුක රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව හෙට(18) සිට සති කිහිපයක් පුරා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කිරීම සිදුකෙරෙන අතර හඳුනාගත් රියදුරන්ට ප්රශංසනාත්මක ස්ටිකරයක් සහ ත්‍යාග ලබාදීමට නියමිතය.
මීට පෙර මෙම වැඩසටහන අගෝස්තු මස 15 වන දින සිට 20 වන දින දක්වා මහනුවර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කර තිබේ.
එහිදී නිතිගරුක හා විනයගරුක රියදුරන් 300කට ත්‍යාග ලබාදීම සිදුකෙරුණු බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

