පොහොට්ටුව කොටළුවෙක්.. අනාගත පරම්පරාවක් නැහැ..
- RSL
- January 12, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Mahinda Rajapaksa, Podujana Peramuna
- 0 Comments
සරු ජනිත ක්රියාවලියක් නැති ජී එල් පීරිස්ගේ පක්ෂය වන ශ්රි ලංකා පොදු ජන පෙරමුණට අනාගත පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්රි වීරකුමාර දිසානායක පවසනවා.
පසුගියදා (10) අනුරාධපුරයේ පැවති ශ්රි ලංකා නිදහස් පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්රචාරක මංගල ජන රැලිය අමතමින් මන්ත්රිවරයා මේ බව සඳහන් කර සිටියා.
“අශ්වයයි බූරුවයි එකතු වුනාම බිහි කරන්නෙ කොටළුවා. සරු ජනිත ක්රියාවලියක් නෑ. ජී එල් මහත්තයාගේ පක්ෂෙට, ඒකට පරම්පරාවක් බිහි කරන්න බෑ. ඒක නිසාම 11 වෙනිදා වෙනකොට ජී එල් මහත්තයාගේ පක්ෂය වඳ වෙලා යනවා. අනුරාධපුරයේ සහ මේ මුළු රටේම මේක ස්ථීරයි කියන එක මම මතක් කරන්න ඕන,” මන්ත්රිවරයා පවසා සිටියා.

