මුදල් ඇමති මංගලගේ මිල සුත්‍රයට අනුව ඛනිජ තෙල් මිල ඊයේ(10) ඉහළ දැමීම සඳහා පැවති සාකච්ඡාවේදී ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම සාකච්ඡාවෙන් නැඟිට ඉවත්ව ගොස් ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, දයා ගමගේ සහ අර්ජුන රණතුංග මෙම තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ සාකච්ඡාවේ සිට ඇති අතර මිල ඉහළ දැමීමේ මිල සුත්‍රයට තමන් තරයේ විරුද්ධ වන බව පවසමින් එම ඇමති අර්ජුන රණතුංග මහතා එම සාකච්ඡාවෙන් නැඟිට මාධ්‍යවලට ප්‍රතිචාර නොදක්වමින් මෙසේ ඉවත්ව ගොස් ඇත. අවසානයේ මංගලගේ සුත්‍රයට අනුව මිල ඉහළ දැමීමට පිරිස තීරණය කර ඇති අතර ඒ අනුව මිල ඉහළ ගොස් ඇත්තේ මෙසේය.
ඒ අනුව ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් යළි ඉහළ නැංවේ.
මෙතෙක් රුපියල් 137 ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145 ක් දක්වා රුපියල් 8 කින් ද, ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 148 සිට 155 දක්වා රුපියල් 7 කින් ද ඒ අනුව ඉහළ යනු ඇත.
රුපියල් 109 ක් ව පැවැති ඩීසල් ලීටරයක මිල රුපියල් 118 ක් දක්වාත් රුපියල් 9 කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 119 සිට 129 දක්වා රුපියල් දහයකින් ද ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.