කොමදෝරු ඇතුළු හයකට ඇප
- RSL
- January 12, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former navy spokesman D.K.P. Dassanayake
- 0 Comments
පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොමදෝරු ඩි.කේ.පී දසනායක ඇතුළු හයකට මහාධිකරණ ඇප කොන්දේසි මත කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) ඔවුන් ඇප මත මුදා හැරියාය.
එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප තුනක් මත මෙම සැකකරුවන් මුදා හැරිණි.
සාක්කිකරුවන්ට බලපෑම් නොකිරිම සහ සෑම සෙනසුරාදා දිනකම උදේ 9 – 12 අතර කාලයේ අපරාධ පරික්ෂණ දෙපාරමේන්තුවට පෙනී සිටින ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළාය.

