සජිත් හැමදාමත් අපිව වට්ටපු ජනාධිපති සිරිසේනට කඩේ යනවා; සජිත් පක්ෂයට ද්‍රෝහියෙක් – එජාප මැති ඇමතිවරු කට අරිති (වීඩියෝ)
- RSL
- July 13, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සෑම විටම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ද්‍රෝහීකම් කළ ජනාධිපතිවරයාට කඩේ යන බවත්, ඔහු ඉටුකරන්නේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ වත්මන් අගමැති, අපේක්ෂකත්වයට නොපැමිණ ඊට විකල්පයක් ලෙස ඉදිරිපත් කරන අපේක්ෂකයා රටට වැඩ දායක අයෙකු නොවේනම් තමන් ඊට විරුද්ධ බවයි.
එම අවස්ථවේ දී මරණ දඬුවම පිළිබඳ සිය අදහස් පල කරමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“ඡන්ද ගන්න ඕනේ හින්දා හිරගෙයි ඉන්න මිනිස්සු ගෙනල්ලා එල්ලන්න හදනවා. ඒක පහත් ක්‍රියාවක්. පක්ෂයේ මතය තියෙන්නේ මරණ දඬුවමට විරුද්ධව. ඒ මතය එක්ක අපි ඉන්නවා. නමුත් ඇමති සජිත් හැමදාමත් ජනපතිට කඩේ යනවා. එයා ජනපති කියන දේවල් තමයි අනුමත කරන්නේ.
ගිය වතාවෙත් දින 51 ආණ්ඩු පෙරලියට පෙර ඔහු කිව්වා මේ එ.ජා.ප.ය ජනපතිට ණය ගැතියි කියලා. දින 51න් අවසන් වුණාම කිව්වා ශ්‍රීමත් ජනපති ගරු ජනාධිපතිතුමාණෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා.”

