තව ටිකකින් ෆීල්ඩ්මාෂල් CIDයට
- RSL
- September 25, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- CID, Field Marshal Sarath Fonseka, sarath fonseka
- 0 Comments
හිටපු යුද හමුදාපති,අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (25) කැඳවා තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන කෘෘර වධ හිංසනයට පත් කිරීමේ සිද්ධීන්වලට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම විමර්ශනයන්ට අදාළව මීට පෙර අවස්ථාවකදී ද සරත් ෆොන්සේකා මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. මීට අදාළව ඔහුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන දෙවැනි අවස්ථාව මෙය වන්නේය.

