මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පෙර ජනමත විචාරණයක් තියන්න – ෆීල්ඩ් මාෂල්
- RSL
- July 29, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Field Marshal Sarath Fonseka, sarath fonseka
- 0 Comments
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් මගින් තීරණය කිරීම සුදුසු බව වනජීවි, තිරසර සංවර්ධන සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
වැල්ලවාය ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රටට අහිතකර බලපෑම් සිදු කරන වැරදිකරුවන් හට එවැනි දඬුවමක් ලබා දිම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම වැඩිදුරටත් පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ රජය නිසි ලෙස පෙළගැසුනේ නම් මහජනතාවද නිවැරදීව පෙළගැසෙනු ඇතිබවයි.

