බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නැහැ – විමල්ට ෆීල්ඩ් මාෂල්ගෙන් පිළිතුරු
- RSL
- October 28, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- Field Marshal Sarath Fonseka
- 0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ දිවි පිදීමට පුද්ගලයින් සිටි නමුත් විමල් වීරවංශ මහතා එවැනි අයෙක් නොවන බවත්, කිසි විටෙකත් බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නොමැති බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මග නැගුම ප්‍රධාන කාර්යාලයේ අද(27) පැවති ජාතික සේවක සංගමයේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද පැනයන්ට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගසන බව පැවසුව ද ඔහුට ඩප්පියක් හෝ ගැසිය නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර ව්‍යවස්ථාවට ඡන්දය ලබා දෙන අයට වෙඩි තියන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පවසා සිටින නමුත් වෙඩි තියන්න සුදානම් වන්නේ නම් වෙඩි කෑමට ද සුදානම් විය යුතු බවත්, අතීතයේ මහින්දගේ පාලන කාලය තුළ රට තුළ පැවතියේ කැළෑ නිතිය බවත් අද එවැනි තත්ත්වයක් නොමැති බවත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

