තවත් දශක දෙකකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යන්න ආසන්නයි; රනිල් මත එජාපයේ ගමන හෝ අවසානය
- RSL
- February 15, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Ranil Wickeramasinghe
- 0 Comments
මෙරට දේශපාලනය තුල තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තාවේ.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවක් වෙනුවෙන් සූදානමක් පවතින අතර එය යම් හෙයකින් සිදුවුවහොත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය අහිමි වී යන අතර එසේ වුවහොත් යළි එජාප ආණ්ඩුවක් සිහිනයක්ම පමණක් වන්නේ, බලය තබාගෙන වත් මැතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකි එජාපය බලය නැති තත්වයක් තුල කිසිදා ජය නොගන්නා බව දශක දෙකකට අධික ඉතිහාසයක් තුල ඔප්පු කර ඇති හෙයිනි.
පවතින දේශපාලන තත්වය තුල එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ඉල්ලීම් කොට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එජාප ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතාට ඉඩ ලබාදුනහොත් එය එජාපයේ ආණ්ඩු බලයත්, පක්ෂයේ ඉදිරි ගමනත් සුරැකෙනු ඇත.
මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩු බලය ගිලි හී ගියහොත් යළි වසර 20 කින් 30 කින් එජාප ආණ්ඩුවක් ගත නොහැකි බව දේශපාලන විචාරයකින්ගේ මතයි.

