Exclusive: මහින්ද බලය රැකගැනීම වෙනුවෙන් ගැසූ රහස් ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් අමෙරිකාවේ බුද්ධි අංශවලින් කාන්දු වෙයි! (Video)
- RSL
- May 12, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, ලෝකාවලෝකනය, විමර්ශන
- Mahinda Rajapaksa, United State of America
- 0 Comments
ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික පස මිතුරු යුද්ධයට ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින බවත්, චීනයට එරෙහි යුද්ධයේ උණුසුම උග්‍ර වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ආධාරය ලබා දෙන අතර දැනටමත් ඩොලර් මිලියන 48 ක නාවික හමුදා ආධාර ලබා දී ඇති බවත්, ඇමරිකාවේ ඉන්දු පැසිපික් නාවික ප්‍රධානී අද්මිරාල් පිලිප් ඩේවිඩ්සන් මේ මස මුලදී ඇමරිකානු සෙනේටයේ හමුදා සේවා පිළිබඳ කමිටුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේදී පවසා ඇතැයි ඇමරිකානු හමුදා ප්‍රවෘත්ති ආයතනයක් ඊයේ (11) නිකුත් කර තිබෙන වාර්තා වීඩියෝවක සඳහන් වේ.
මෙකී වාර්තාවේ අපූරු රහස් කිහිපයක් හෙළි කරන අතර රාජපක්ෂ ආණ්ඩුව විසින් 2007 දී ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවේ වරායන් සහ ගුවන් තොටුපොල වලට ඇමරිකානු හමුදාවන්ට ප්‍රවේශ වීමට අවසර ලබා දී ඇතැයි යන්න හෙළි කිරීම වැදගත් ය.
ගෙවා ගැනීමට නොහැකි තරම් ණය චීනයෙන් ලබා ගනිමින් ශ්‍රී ලංකාව චීනයට ගොදුරු කෙළේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බවද මෙහිදී චෝදනා කරයි.
පසුගිය ඔක්තෝම්බරයේ සිදුකළ මරා-සිරා කුමන්ත්‍රණයෙන් පසු මහින්ද අගමැති වී ඇමරිකානු සහ බටහිර රටවල වුවමනාවන් අනුව ක්‍රියා කරන්නට තමා එකඟ යැයි කියා ඇමරිකාවේ සහ බටහිර රටවල සහාය ඉල්ලා සිටි නමුත් ඔවුන් එය ගණන් නොගෙන ඉවත දැමූ බවද මෙකී වාර්තාවේ දැක්වේ.
චීනයට අතෝරක් නොමැතිව ලංකාවේ බින්න බැසීමට ඉඩ දීමේ ප්‍රථිපලයක් ලෙස ලෝක බලවතුන්ගේ බල අරගලයේ යුද බිමක් වීමට ලංකාව ගොදුරු කිරීමේ ආදීනව දැක්වෙන ඇමරිකානු හමුදා ප්‍රවෘත්ති ආයතනයේ සම්පූර්ණ වාර්තාව පහත වීඩියෝවේ ප්‍රථම විනාඩි 8.26 දක්වා කොටසේ දැක්වේ. වීඩියෝව නරඹන්න.
-ලංකා ඊ නිව්ස්-

