Exclusive: මැතිවරණය සටන උණුසුම් වෙයි! 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, කනක, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

Spread the love

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 10කටත් වඩා අඩු කාලයක් වන අතර මේ වන විට අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පෙරමුණේ සිටිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ලබන වියත්මඟින් ඉදිරිපත් කළ අපේක්ෂකයින් යම් ප්‍රමාණයකින් ඉදිරියට පැමිණෙනු ඇතැයි විශ්වාස කලද එවැනි තත්වයක් එතරම් දක්නට නොලැබීමද විශේෂත්වයකි.

ගම්පහ දිස්ත්‍රික්කය පිළිබඳව ලැබෙමින් පවතින සමීක්ෂණ සහ තත්ව වාර්තා අනුව මේ වන ගම්පහ දිස්ත්‍රික් දේශපාලන පොරපිටිය කොළඹට වඩා උණුසුම් තත්වයක පවතින බව අප වාර්තා කරුවන් සඳහන් කරති. මෙහි තියුණුම තරඟය පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්ප්‍රදායික දේශපාලඥයෙකු වන ප්‍රසන්න රණතුංග සහ නවමු අපේක්ෂකයෙකු වන වියත්මග නියෝජනය කරන නාලක ගොඩහේවා අතරයි. කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රසන්න රණතුංග, සමගි බලවේගය නියෝජනය කරන රන්ජන් රාමනායක සහ එක්සත් ජාතික පක්ෂය නියෝජන කරන අර්ජුන රණතුංග යන මහත්වරුන් මනාප සටනේ පෙරමුණේ සිටිති.එම සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙවර කෑගල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කනක හේරත්, තාරක බාලසූරිය හා රාජික වික්‍රමසිංහ අතර තියුණු තරඟයක් පවතින අතර එයින් තාරක බාලසූරිය සහ කනක හේරත් ප්‍රථමස්ථානය සඳහා තියුණු තරඟයක් පවතී.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින එකම කාන්තා අපේක්ෂිකාව මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන වෛද්‍ය තුසිතා විජේමාන්න මේ වන කෑගලු දිස්ත්‍රික්කයේ සියලු ජනවර්ගවල ජනතාවගේ ප්‍රසාදය දිනා ගනිමින් පෙරමුණට පැමිණ ඇති අතර, කබීර් හෂීම් සහ ලලිත් දිසානායක යන අතර දෙවෙන සහ තුන්වෙන ස්ථාන අතර තරඟය දෝලනය වෙමින් පවතී.

එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන හිටපු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මේ වන විට එම පක්ෂයෙන් පෙරමුණ ගෙන සිටින අතර නීතීඥ ලිලාන් අමරකෝන් සහ වසන්ත බණ්ඩාර දේවගෙදර දෙවන සහ තුන් වන ස්ථානයන් හි පසු වෙති.

RSL

Related Posts