ජනපති, අගමැති එකඟත්වයෙන් හෝමාගම ප්‍රධාන සංවිධායකධුරය සහ සංවර්ධන කමිටු සභාපතිධුරය නීතිඥ එරන්ද වැලිඅංගේට..!
- RSL
- August 18, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Eranga Welianga, United National Party, UNP
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ එකඟත්වයෙන් සහ අනුමැතියෙන් හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබේ. නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මේ වනවිට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරද හොබවමින් මෙතෙක් කාලයක් පුරාවටම අඩුපාඩුවක්ව පැවති ස්වේච්ඡා සේවයේ නියුතු තරුණ, තරුණියන් සඳහා ශ්‍රීලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය මේ වනවිට පිහිටුවා තිබෙන අතර එය ඊයේ(17) දින නිලවශයෙන් එළිදක්වනු ලැබීය.
එමෙන්ම හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කිරීමත් සමගම හෝමාගම සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය සඳහාද නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබේ.


