ඡන්දය ඉල්ලන් ගෙවල් ගානේ යන අයට කොන්දේසියක්!
- RSL
- December 27, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
පළාත් පාලන මැතිවරණයට අදාලව අපේක්ෂකයා සමඟ ආධාරකරුවන් 10 දෙනෙකු පමණක් ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට පක්ෂ ලේකම්වරු එකඟතාව පල කර තිබේ.
විශාල පිරිසක් ගෙයින් ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී ඇති විය හැකි ගැටුම් අවම කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තාවේ.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පොලිස් ප්‍රධානීන් ඇතුළු දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද(27) රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

