එක්නැළිගොඩ නඩුව අහක යයි ද?
- RSL
- March 16, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
ඝාතනය කර දැමූ බව පැවසෙන වසර කිහිපයක සිට අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳ නඩුව සම්බන්ධ අවිනිශ්චිත තත්වයක් මතුව ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි.
හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විමසා ඇත්තේ ඝෘජු හෝ පර්යේෂණාත්මක සාක්ෂි නොමැතිව හා සාධනීය සාක්ෂි නොමැතිව නඩුව පවත්වාගෙන යන්න හැකියාවක් ඇත්තේ ද යනුවෙනි. පරිකල්පන මත පමණක් මෙම නඩුව පවත්වාගෙන යා හැකි දැ යි ඔහු තවදුරටත් ප්‍රශ්න කර ඇත. කෙසේ වෙතත් මේ නඩු කටයුත්ත වෙනුවෙන් පොලිසිය නියෝජනය කරන පොලිස් අධිකාරි ශානි අබේසේකර පවසා ඇත්තේ අදාළ සැකකරුවන් එක් දිනක දී හමුදා වාහනවලින් කිලෝ මිටර් 900ක් ධාවනය කර ඇති බවට තොරතුරු ඇති බවත් යුධ හමුදාව පාර්ශ්වයෙන් මෙයට නිසි සහයෝගය නොලැබෙන බවත් ය.
මෙම සැකකරුවන් එළැඹෙන 29 දා ඇප මත නිදහස් කිරීම පිළිබඳව සලකා බලනබව මහේස්ත්‍රාත්වරයා පවසා ඇතැ යි ද වාර්තා වෙයි.
