සතොස ඉදිරියේ බිත්තර පෝලිම්..! එක් අයෙකුට බිත්තර 30ක් පමණයි..!
- Editor
- December 22, 2023
- ආර්ථික සහ ව්‍යාපාරික
- featured
- 0 Comments
සතොස ශාඛා මගින් (21) දින සිට ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තරක් රු 35/= බැගින් එක් පාරිභෝගිකයෙකුට බිත්තර 30 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇත.
හැටන් සතොස ශාඛාවට බිත්තර තොග ලැබිමට ප්‍රථම පාරිභෝගිකයන් බිත්තර මිල දි ගැනිම සදහා පොලිම් වල රැදි සිටි.
සතොස ශාඛාව වෙත (21) දින ලද බිත්තර එක් පාරිභෝගිකයෙකුට 30 බැගින් නිකුත් කිරිමටත් , ඉදිරියේදි එය තවත් සිමා කර නිකුත් කිරිමට සිදු වන බවයි හැටන් සතොස ශාඛාවේ සේවකයින් කියා සිටියේ.
මේ අතර නගරයේ බිත්තර අලෙවිසැල් හිමියන් රතු බිත්තරයක් රු 60 කට සහ සුදු බිත්තරයක් රු 58 ක සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.
එලවළු සහ බී ළුණු මිල ඉහල යාම හමුවේ උත්සව සමයේ තම ව්‍යාපාර කටයුතු ඉතා අඩාල වි ඇති බව හැටන් නගරයේ එලවළු වෙලදුන් කියා සිටියේ.

