රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර එට්‌කා – සිංගප්පූරු ගිවිසුම්වලට එරෙහිව වෛද්‍ය වර්ජනයක්‌

Spread the love

පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට යන රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර සිංගප්පූරු ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව මෙම 17 වැනිදා (බ්‍රහස්‌පතින්දා) රට පුරා රෝහල්වල දීප ව්‍යාප්ත එක්‌ දින වැඩවර්ජනයක්‌ දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.

සැබෑ ජාතික ප්‍රතිපත්තියක්‌ බිහිකරන තුරු මෙවන් අත්තනෝමතික ක්‍රියාමාර්ගවලින් වැලකී සිටින බවට බලධාරීන්ගෙන් සහතිකයක්‌ නොලැබුනොත් මෙම වැඩවර්ජනය අඛණ්‌ඩව පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.

එමෙන්ම සයිටම් අර්බුදයට විසඳුමක්‌ ලෙස කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයට අදාළ නව පනතක්‌ ගෙන ඒමේ අවශ්‍යතාවක්‌ නැතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා අවධාරණය කර ඇතැයිද ඒ අනුව නව පනත වහා අත්හිටුවන ලෙස තම සංගමය ඉල්ලා සිටි බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.

ආශ්‍රිත පුවත්: ඇමති මලික් සිංගප්පුරුව සමඟ ගැසූ වෙළෙඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට අවාසි සහ අලාභ රැසක්!

RSL

Related Posts