ඇමති දුමින්ද යළි පරණ තැටියම වාදනය කරයි
- RSL
- May 24, 2017
- පුවත් සහ වාර්තා
- Duminda Dissanayake, news, reports
- 0 Comments
විනය කඩ කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය පියවර ගැනීමට පෙරේදා (22 දා) රාත්‍රියේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය කඩිනමින් රටට හෙළිකිරීමටත් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට නිමල් සිරිපාල මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති කමිටුව වෙත පැවරීමටත් මධ්‍යම කාරක සභාව විසින් තීරණය කළ බව ද හෙතෙම පැවසීය.
මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින රැලිය සාර්ථක කර ගැනීම සඳහා කැප වී කටයුතු කළ සියලුම සාමාජිකයන්ට ස්‌තුතිය පළකිරීම ද මෙම මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී සිදුකර තිබේ.