ට්‍රම්ප් රට වෙනුවෙන් තීරණයකට! මුස්ලිම් රටවල් 7කට ඇමරිකාව තහනම් කලාපයක් වෙයි!
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් අනවසර සංක්‍රමණිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම වැට බඳිමින්, ඇමරිකාව හා මෙක්සිකොව අතර ඉදිවන තාප්පයේ වැඩ කටයුතු අද(24) අරඹන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එමෙන්ම තාවකාලිකව මුස්ලිම් රටවල කිහිපයක පුද්ගලයින්ටද ඇමරිකාවට ඇතුලු වීම වලකමින් ක්‍රියා මාර්ග ගැනීමටද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර ඇත.
ලෝක සාම දූතයාගේ කාර්යභාර්ය ඉටු කරන ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම යන කරුණ මුල්කොට ගනිමින් සිරියාව, ඉරානය, ඉරාකය, ලිබියාව, යේමනය, සුඩානය, සෝමාලියාව යන රටවල අයට මෙම තහනම ක්‍රියාත්මක බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.