බය වෙන්න එපා; තව මඟ එනවා..

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රිවරුන් සිවු දෙනකු ඉදිරියේදී ආණ්ඩුවට සහාය දැක්වීමට තමන් එක්කර ගන්නා බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න පැවැසීය.

තමන් ආණ්ඩුවට එක්වූයේ එම සියල්ලන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව බවද හෙතෙම කීවේය. බත්තරමුල්ල “සුහුරුපායේ” පිහිටි හමුවකදී ඊයේ (07) ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

අපට බහුතරය ඉතා පැහැදිලියි. කලබල වෙන්න දෙයක් නෑ. තව හතර දෙනෙක් ආණ්ඩුවට එනවා. මේ ආණ්ඩුවට ලොකු විරෝධයක් එදා ඉඳලම තිබුණා. දැන් ජනතාව බලාපොරොත්තු වුණු වෙනස වුණා. දැන් අපි හැමෝම එකතු වෙලා රට ගොඩනැඟීමයි කරන්න තියෙන්නේ.

එක්කෙනෙක් රනිල්ගේ සහායට ගියා කියලා කලබල වෙන්න එපා. ඒකෙන් අපිට සහාය දෙන්න ඉන්න කිසි කෙනෙක් ආපසු හැරෙන්නෙත් නෑ. ඒක ස්ථීරයි.