පොහොට්ටුවේ කියලා අන්තිමට වැමෑරුවේ නැද්ද? මහින්ද බේරුණෙත් අමරවීරගේ ලියුම නිසා කියලා අමතක කරන්න එපා

Spread the love

ඒකාධිපතියෙක් ලෙස ක්‍රියා නොකරන පලිගැනීම නොකරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලංකාවේ ජනාධිපති විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි.

අද (27) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

“මම තවම ඉන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ. අපිට කියන්න බෑ පොහොට්ටුවේ කියලා. ඔය එක්කෙනෙක්ක්ටවත් කියන්න පුළුවන් ද පොහොට්ටුවේ කියලා. දැන් පොහොට්ටුව කියලා කොහොමද අන්තිමට වමාරපු හැටි. දැන් පොහොට්ටුව කියලා අන්තිමට වැමෑරුවේ නැද්ද? මහින්ද අමරවීර මහත්තයාගේ ලියුම නැත්නම් මොකද වෙන්නේ? මතක තියා ගන්න. ඒ ලියුම නිසයි රැකුනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු සියළු මන්ත්‍රිවරු ඉන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විදියටයි.”

“මම යම්කිසි දෙයක් කිව්වොතින් ඒක හරියාකාරවම ඉෂ්ට වෙන බව මේ රටේ මහජනතාව දන්නවා. මොකද මම සිරිසේන මහත්තයා එක්ක යන්න බෑ කියලා එලියට බැහැපු පළවෙනි මිනිහා මම. ඊට පස්සේ මම මහින්ද මහත්තයාට කිව්වා ආණ්ඩුව බාර ගන්න එපා. ඔබතුමා වැටෙනවා. ඔබතුමා වට්ටන්නයි මේ උගුල ගහන්නේ කියන එක. ඒකත් සිද්ධ වුණා. ඒ නිසා මම ඉදිරියේදි කියනවා, දැන් කියන්නේ නෑ කවුද ජනාධිපති වෙන්නේ කියලා. ඒත් රෙද්ද බැනියම අදින කෙනෙක් තමයි ඊලඟ පාරත් මේ රටේ ජනාධිපති වෙන්නේ.”

“මම කියන්නේ මහින්ද මහත්තයා ආයුතුයි. මොකද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහින්ද මහත්තයාව. මට ඕන මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන සංවර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම පලිගන්නේ නැති නායකයෙක් මේ රටට ඕන.”

RSL

Related Posts