මොන පක්ෂ භේද තිබුණත් UNP ආණ්ඩුව ගෙදර යවන්න ඡන්දය දෙනවා
- RSL
- July 10, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට සහය පළ කරමින් පක්ෂ භේදයකින් තොරව ඡන්දය භාවිත කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව වාර්තාවක් තමාට ඊයේ(09) භාර දුන් බවද ඔහු සඳහන් කළේය.
වෛද්‍ය සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා සියලු සම්මත පිළිවෙත් උල්ලංඝනය කරමින් ඉතාම හානිකර ලෙස කිසිදු ප්‍රමිතියකට අයත් නොවන ද්‍රව්‍ය ජනතාව වෙතට යවා ඇතැයි සඳහන් කරමින් වාර්තාවක් තමන් වෙත දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.
වෘත්තීය වැදගත්කමක් ඇති වෛද්‍ය සංගමයෙන් ඉදිරිපත් කර ඇති මෙම කරුණු පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුව හා රට දැඩි අවධානයක් යොමු කල යුතු තත්ත්වයකට සෞඛ්‍ය සේවය පත්ව ඇති බවට කරුණු ඉදිරිපත්ව ඇතැයි ද ගුණවර්ධන මහතා පැවසීය.
අද දිනයේ දී හා හෙට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගැනීමට වෙන් කර ඇති බවත්, මෙයට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දුන් බවත් පැවසු මන්ත්‍රීවරයා, එක්සත් ජනතා සන්ධාන සියලු දෙනා එක්ව කුමන මත භේද තිබුණ ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා කටයුතු කරන බවද කියා සිටියේය.

